මේවා කරන්නේ අසහනය දුරු කරගන්න – රංගන ශිල්පිනී සංජීවනී වීරසිංහගේ රතු කට්ට පනී

ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් විදිහට කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක් තමයි සංජීවනී වීරසිංහ.පසුගිය දිනක ඇය ලොස්ඇන්ජලීස් නුවරදී ප්‍රශ්නයකටද මුහුණ දුන්නා.
එම සිදුවීම පිළිබඳව වීඩියෝ දර්ශන කිහිපයක්ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී තිබුණා.
මෙම සිදුවිම් අතරතුර සංජීවනී වීරසිංහගේ යැයි පවසන ෆේස්බුක් පිටුවක් හරහා විවිධ පෝස්ට් හුවමාරු වෙමින් තිබෙනවා. මෙය සංවිධානාත්මක පිරිසක් විසින් ක්‍රියාත්මක කරන බවයි සංජීවනී වීරසිංහ පවසන්නේ.

ඒ පිළිබඳව ඇය මෙලෙස අදහස් දක්වා තිබුණා.

FAKE……යන වචනය සැමදා පිළිකුල් කරමි..
Fake posts….fake සබඳතා….fake මිනිසුන්…සියල්ල මට අරහං .
මේ ,මා මෙන් පෙනී සිටිමින් ලියා ඇති තවත් FAKE පෝස්ට් එකක්.
මගේ නමින් පින්තූර යොදාගෙන ඉතාමත් සංවිධානගතව කරගෙන යන fake පිටුවක මෙසේද post එකක් යන බව මගේ හිතවතුන් කිහිපදෙනෙක් දන්වා සිටියා.මේ හරහා මා ලියන ආකාරයට විවිධ කලාකරුවන්ට අපහාස කරමින්, අරගලයට සහභාගිවන්නන්ට දොස් පවරමින්, පවතින රජයට පක්ෂපාතීත්වය දක්වමින්, වගේම මා කිසිදා භාවිතා නොකරන අසභ්‍ය වචන පවා භාවිතා කරමින් පෝස්ටු ලියන බව මා දුටුවා.
බැලූ බැල්මටම මෙය ව්‍යාජ account එකක් බව පැහැදිලි වුණත්, මේ අවභාවිතාව කරන මිනිසුන්ම බොරු ප්‍රොෆයිල්ස් වලින් ඔවුන්ම comments දමමින් , මෙය දිගටම කරගෙන යනවා.
සමහරු හිතේ අසහනය දුරු කරගන්න….සාර්ථක චරිතයකට මඩගසා වීරයන් බවට පත්වන්න විවිධ comments දමමින් ඉන්නවා….
මේ අතර සම හරක් කලාකරුවන්ද , ක්ෂේත්‍රයේ සමහර අයද සිටින බව හිතවතුන් දන්වනවා…
සමහරක් පමනයි…වැදගත් අය නෙවෙයි .
ඒ ගැන මා කිසිසේත් පුදුම වන්නේ නෑ. ඒ සමහරුන් මෙන් පවුල කඩා නොගත් නිසා, අසභ්‍ය Vedio වල නොසිටි නිසා, නිරුවත් ඡායාරූප නොමැති නිසා ඉරිසියාව සහ වෛරය පිටකරගන්න ක්‍රමයකුත් එපෑ නේද ?…
ඇත්තෙන්ම වරප්‍රසාද , විශාල වැටුප් වලට ලත් උසස් තනතුරු යහතින් බුක්ති විඳින කලාකරුවන් බහුතරයක් නිහඬව සැගවී සිටියදී…විවෘතව මිනිසුන් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කල මට ,මේ සංවිධානාත්මකව එල්ල වන ප්‍රහාර හමුවේ මා පැහැදිව දකින දෙය නම් සමහරුන් මාව විශාල අභියෝගයක් කරගෙන ඇති බවයි.
2020 අග බාගයේ සිටම මා හට මෙම රජ⁣යේ ඇතැමි ආයතන වල ප්‍රධානීන්, සමහර මැති ඇමතිවරුන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපයන් සහ සිදුවීගෙන යන තත්වය පිළිබඳ මගේ ඇති විවෙිචන මා මගේ මුහුණුපොතේ වරින් වර දැමූ බව දන්නා හිතවතුන් මේ ගැන සත්‍ය දන්වා විවෘත ප්‍රකාශයක් කරන මෙන් ඉල්ලා සිටිනවා….
සමහරු මෙම fake පිටුව රජයෙන් කරන බව කියනවා ( රටෙි මිනිසුන් වෙනුවෙන් කතා කරන නිසා ).
එය කාට ගැටළුවක් වුනත් මට ගැටළුවක් නෙමෙයි. මම එදා පවතින රජයට සහයෝගය දුන්නෙත්…අද ,ඔවුන් කළ සමහර හොද දේවල් ඇගයුවත් ,රටෙි මිනිසුන් පීඩාවට පත්වීමට මුල් වූ සියළුම වැරදි තීරණ විවෙිචනය කරන්නේත් මා සැමදා රටට යහපතක් වනවා දැකීමට කටයුතු කල නිසයි…
සමහරු මෙම fake පිටුව සංවිධානාත්මකව වෙනත් පක්ෂ වල අයවළුන් හෝ මම දැනට නම සඳහන් නොකරත් මා පිළිබද පසුගියදා පැතිරුනු බොරු vedio ව සමාජගතකල පිරිස කරන බව කියනවා.
මම….
කවුරුන් කරත් බොරුව බොරුවමයි කියා නිදහසේ මගේ වැඩටික කරගෙන යනවා….
මොකද සල්ලි දීලා, team හදාගෙන fake පිටු කරන්න? Vedio හදන්න මට වෙලාවක් නෑ.
බුරන හැම සුනඛයෙක්ටම ගල් ගහන්න මට වෙලාවකුත්, වුවමනාවකුත් නෑ .
මෙම ව්‍යාජ පිටුව ගැන report කල….සහ කරන සියළුම හිතවතුනට බොහොම ස්තූතියි .
මේ ටික ලිවි⁣වෙි මා මිතුරන් පවතින තත්වය ගැන දැනුවත් කිරීම මගේ වගකීම නිසා…
සැමටම සුබ දවසක්….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11