මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් කොඩිතුවක්කු බදාදා අද සිට ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කර තිබෙනවා

වර්ෂ 2021 දෙසැම්බර් මස 12 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති – යාපනය ධුරය මෙන්ම ඊට ප්‍රථම තවත් ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත. මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස 2022 ජුනි මස 08 දින මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු රාජකාරි භාරගැනීමට නියමිතය.