“මේක මගේ අතින් සිද්ධ වුණු වරදක්…” – අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් සුන් වූ මැටිල්ඩා, මාධ්‍යයට කියූ සංවේදී කතාව

අසුන් මෙහෙයවීමේ තරගයේ මූලික වටයේදීම තරගයෙන් ඉවත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැටිල්ඩා කාල්සන් පවසා සිටියේ, තමා අතින් වරදක් වූ බවයි.

ඒ පිළිබඳ කණගාටු වන නමුත්, ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමම ජයග්‍රහණයක් ලෙස සලකන බවත් ඇය පැවසුවාය.

“පරාජය ගැන කණගාටු වෙනවා. මෙය මගේ අතින් සිදු වූ වැරැද්දක්. බොහෝ දේ බලාපොරොත්තු වුණත්, තරග බිමෙන් ඉවත්වෙන්න මට සිදුවුණා…“
“මට හොඳම අශ්වයෙකු සිටින්නේ. නමුත් මෙවැනි දැවැන්ත තරග බිමක කිසිදු වැරැද්දක් සිදුනොවීමට වග බලාගත යුතුයි“

“පියවරෙන් පියවර කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට තියෙන්නේ තත්පර කිහිපයක්. මගේ අශ්වයා (චොපින්) පනින ආකාරය ගැන මට සතුටුයි. ඔහු ලෝකයටම පෙන්වූවා ඔහුගේ විශ්මය ජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතැනට පැමිණීමම අපි ලැබූ ජයග්‍රාහකයක්“ යැයි පැවසුවාය.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අවසන් තරගකාරිය වන මැටිල්ඩා කාල්සන්ට අසුන් මෙහෙයවීමේ ඉසව්වෙන් ඉවත් වීමට සිදුවිය. ඇය තරග කළ ‘චොපින්‘ නම්වූ අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු විය.

මැටිල්ඩා සිය අශ්වයා සමගින් 13 වැනි තරගකරු ලෙස මෙම තරගය ආරම්භ කළ අතර, එහිදී ඇගේ අශ්වයාට බාධක පැනීම් 14ක් අතරින් ගමන්කළ හැකිවූයේ 07 වැනි බාධකය දක්වා පමණි. මෙහි පළමු බාධක පහම සාර්ථක ලෙස චොපින් අශ්වයා තරණය කළත්, 06 වැනි බාධකය තරණය කළේ දෙවැනි උත්සාහයේදීය.

කෙසේ වෙතත් චොපින් අශ්වයා සමගින් 07 වැනි බාධකය තරණය කිරීමට මැටිල්ඩාට හැකි වුවත්, 08 වැනි බාධකයේදී ඇගේ අශ්වයා නැවත වරක් බාධකය හරහා යාම ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ඇයට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

මෙම ක්‍රීඩාවේදී බාධක තරණය දෙවරක් ප්‍රතික්‍ෂේප කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවක් ලෙස සැලකේ.

කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 73 දෙනෙකු තරගකළ අතර, ඉන් 30 දෙනෙකුට පමණක් දෙවැනි වටයට පිවිසීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා-ස්වීඩන ද්විත්ව පුරවැසිභාවය හිමි මැටිල්ඩා, ඔලිම්පික් ඉතිහාසයේ අසුන් මෙහෙයවීමේ ඉසව්වකට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැළකෙයි.

(සංජීව ධර්මසේන – ජපානයේ ටෝකියෝ නුවර සිට)
කෙළිමඩළ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09