මෙහෙම උද්දච්ජ අවලස්සන ඇමෙරිකානුවෙක් තියාගෙන මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ

මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් හෝ උදය ගම්මන්පිල ඇමතිවරයා කිසිදු අයුරකින් නැවතත් රාජපක්ෂවරයෙකු මේ රටේ නායකත්වයට ගෙන ඒමට ඩිල් දමා නැති බවයි.

රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා රටේ දේශපාලන පක්ෂ 11ක් එක්ව යෝජනාවලියක් එළිදැක්වූ බවත් අවසානයේදී තමන් සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ ඇමතිධුරයන් ඒ නිසා අහිමි වූ බව කියා සිටියා. එය සතුටින් භාර ගත් බවත් ඉදිරි ගමන් මාර්ගය ගැන මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් දැනුවත් කිරීමට අද දිනයේදී කටයුතු කරනු ලැබූ බවයි විමල් විරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් ද මාධ්‍යවේදී අදහස් විමසු විට විමල් විරවංශ මන්ත්‍රීවරයා මෙසේ පිළිතුරු දුන්නා.

” රනිල් වික්‍රමසිංහ මහත්තයා පාවිච්චි කරන්න හදනවාද ? රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද නැද්ද කියන එක මෙතන වැදගත් නැහැ. කොහොම නුමුත් මේ සර්ව පාක්ෂික සමුළුවෙත් මුදල් ඇමතිවරයාගේ හැසිරීමෙන් පෙන්නුවා. දැන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා, සමගි වෙලා වැඩ කරන්න. හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා ආමන්ත්‍රණය කරන්න තරම් උද්ධච්ජ මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්නුවා. ඒකෙත් ඔහුට ඕන සමගියක් නෙමෙයි. එතැනත් ඕන ගැටුම. මෙහෙම උද්දච්ජ අවලස්සන ඇමෙරිකානුවෙක් තියාගෙන මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරනවා ඔය උද්ද්ච්ජ පාලනය අවසන් කරන්න.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43