මෙසීගේ ඉතිහාස ගතවූ ගෝලයත් සමඟ ආජන්ටිනාව සුපිරි 16 දෙනාගේ වටයට

අඛණ්ඩව FIFA ලෝක කුසලාන තරඟ අටකදී ගෝල රැස් කළ පළමු ක්‍රීඩකයා බවට ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී පත් වුණා.

මෙවර තරගාවලියට කෝඩුකාරයින් ලෙස එක් වූ කේප් වර්ඩ් කණ්ඩායම එරෙහිව අද පැවති තරගයේ දී රැස්කළ ගෝලයත් සමඟ මෙසී මෙම විශිෂ්ඨ වාර්තාව පිහිටවනු ලැබුවා.

ලයනල් මෙසී 2022 සහ 2026 තරඟාවලි පුරා තරග අටකදී අඛණ්ඩව ගෝල රැස්කරගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ක්‍රොඒෂියාව, ප්‍රංශය, ඇල්ජීරියාව, ඔස්ට්‍රියාව, ජෝර්දානය සහ කාබෝ වර්ඩ් යන කණ්ඩායම් අටට එරෙහිවයි ඔහු මෙලෙස අඛණ්ඩව ගෝල රැස්කරගෙන ඇත්තේ.

මේ අතර මෙසී අද වාර්තා කළ ගෝලයත් සමඟ ඔහුගේ සමස්ත ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව ගෝල 20 දක්වා ඉහළ ගියා.

ඒ, එතෙක් එතෙක් ඉතිහාසයේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලි තුළ දී වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා තමන් බවට තව දුරටත් සනාථ කරමින්.

මෙසී මෙවර ලෝක කුසලානයේ දී ගෝල 07ක් මේ වනවිට රැස්කරගෙන, මෙවර රන් සපත්තුව දිනාගැනීම සඳහා ප්‍රමුඛ තරඟකරුවෙකු ලෙස පත්ව සිටිනවා.

මේ අතර මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසීමට ආජන්ටිනාවට අද හැකියාව ලැබුණා.

ඒ, කේප් වර්ඩ් කණ්ඩායම එරෙහිව පැවති තරගය තියුණු සටනකින් පසු ජයගනිමින්.

මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම එක් ගෝලය බැඟින් රැස්කරගෙන සම තත්ත්වයෙන් පසු වූ බැවින්, ජයග්‍රාහකයා තේරීම සඳහා අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරුන් පියවර ගත්තා.

එම කාලය තුළදී ප්‍රතිවාදීන් අතින් සිදු වූ ගෝලයේ (Own Goal) වාසිය ද සමගින් තවත් ගෝල 02ක් වාර්තා කිරීමට ආර්ජන්ටිනාවට හැකියාව හිමි වුණා.

ඒ, අනුව මෙම තරගය ගෝල තුනට දෙකක් ලෙස ජයගත් ආජන්ටිනාව මෙවර ලෝක කුසලානයේ අවසන් 16 දෙනා අතරට පිවිසියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21