IPL වෙන්දේසියේ දී පතිරණ කෝටි 18කට අලෙවි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර අයි.පී.එල් වෙන්දේසියේ දී මිල දී ගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කටයුතු කළා.

කොල්කටා කණ්ඩායම මතීෂව මිල දී ගැනීමට මෙවර වෙන්දේසියේ තැබූ ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි 18ක්.

මෙවර වෙන්දේසියේ දී මතීෂ පතිරණ වෙනුවෙන් හිමිව තිබූ මූලික ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි දෙකක්.