AFC Banner
AFC Banner
Empty Ad

මෙවර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන වල සිදුවන විශේෂ වෙනස්කම් මෙන්න

කොවිඩ් ආසාදිත සාමාන්‍ය පෙළ සිසුන්ට (O/L) විභාගයට මුහුණ දීමට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන ඇති කිරිමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එවැනි සිසුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිට විභාගයට මුහුණ දිය හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ.අදාළ මධ්‍යස්ථාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව හඳුනා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.මේ අතර සියලු විභාග මධ්‍යස්ථානවල හුදෙකලා පන්ති කාමරයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, නිරෝධායනයට ලක්වන සිසුන් වේ නම් ඔවුන්ට විභාගයට මුහුණ දීමේ පහසුකම් සැලසීමේ අරමුණින්.විභාග මධ්‍යස්ථානවල විෂබීජහරණය ඇතුළු සියලු කටයුතු විදුහල්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, කලාප සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා අධීක්ෂණයට උපදෙස් දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 01වැනිදා සිට මධ්‍යස්ථාන 4,513 කදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?