spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද ?

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ ප්‍රමුඛතම පුවත් සේවාවක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය මේ පිළිබඳව අද (09) තොරතුරු වාර්තා කර තිබුණා.

මෙවර එම තරගාවලිය පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් එරට දී පැවැත්වීමට සැලසුම් කර ඇති පසුබිමක ඉන්දියාව විසින් පාකිස්ථානයට යෑම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහිදී ඉන්දියාව පැවසුවේ ආසියානු කුසලානය මධ්‍යස්ථ රටක පැවැත්වීම සුදුසු බවයි.

ඒ, අනුව තරඟාවලිය ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය හෝ බංග්ලාදේශයේ පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබුණේ.

කෙසේ වෙතත් ආසියානු කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මේ වනවිට වැඩි අවධානයක් යොමුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වාගෙන් විමසීමක් කර සිටියා.

එහිදී ලේකම්වරයා පැවසුවේ තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?