මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද ?

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ ප්‍රමුඛතම පුවත් සේවාවක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය මේ පිළිබඳව අද (09) තොරතුරු වාර්තා කර තිබුණා.

මෙවර එම තරගාවලිය පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් එරට දී පැවැත්වීමට සැලසුම් කර ඇති පසුබිමක ඉන්දියාව විසින් පාකිස්ථානයට යෑම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහිදී ඉන්දියාව පැවසුවේ ආසියානු කුසලානය මධ්‍යස්ථ රටක පැවැත්වීම සුදුසු බවයි.

ඒ, අනුව තරඟාවලිය ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය හෝ බංග්ලාදේශයේ පැවැත්වීමටයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබුණේ.

කෙසේ වෙතත් ආසියානු කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මේ වනවිට වැඩි අවධානයක් යොමුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වාගෙන් විමසීමක් කර සිටියා.

එහිදී ලේකම්වරයා පැවසුවේ තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59