මෙල්බර්න් ගුවන්තොටේ දී පමා වූ ශ්‍රී ලන්කන් යානය දිවයිනට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපොළේ දී ඉකුත් පෙරේදා (15) දින කාර්මික දෝශයකට ලක් වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම යානයෙන් කුඩා දරුවන් 05 දෙනෙකු සමඟ ගුවන් මගීන් 218 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 17 දෙනෙකු පැමිණ ඇති බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ. .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 605 දරණ මෙම ගුවන් යානය අද (17) උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.

මෙම ගුවන් යානය ඉකුත් 15 වන දින රාත්‍රී 10.25ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබුණ ද, එම ගුවන් යානය තුළ හට ගත් කාර්මික දෝශයක් හේතුවෙන් එම ගුවන් ගමන අවලංගු කිරීමටයි කටයුතු කර තිබුනේ.

ඒ හේතුවෙන් එම යානයෙන් පැමිණීමට සිටි මගීන්ට මෙල්බර්න් ගුවන් තොටුපළේ දී දැඩි අපහසුතාවයකට මුහුණදීමට සිදුවුණා.

පසුව මෙම ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් 06 දෙනෙකුගෙන් යුතු පිරිසක් පෙරේදා (15) රාත්‍රියේම ඕස්ට්‍රේලියාව වෙත ගොස් තිබුණා.

අනතුරුව අදාළ අලුත්වැඩියා කටයුතු කිරීමෙන් පසු මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එමටයි මෙලෙස කටයුතු කර ඇත්තේ.

  1. WE SAW HOW SOCALLED BLOODY SRI LANKANS BEHAVED IN MELBOURNE AIRPORT. DOES ANYONE SEE SUCH A BLOODY BEHAVIOR OF ANY FOREIGN PASSENGER AAINST THEIR NATIONAL AIRLINE? SOCALLED PATRIOTS CHOSEN NATIVE AIRLINE BECAUSE OF CHEAP RATES NOT BECAUSE OF THEY ARE PATRIOTS. THEY INSULTED THE COUNTRY THEY BORN AND THE PEOPLE THEY LIVED WITH.