මෙරට ජීවත් වූ වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙසට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය විසින් නම්කර තිබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.
මාගල කොට්ටච්චි නන්දියෙල් නැමති මෙම පුද්ගලයා ඊයේ (11) පස්වරුවේ මිය යන විට 109 වන වියේ පසු වුණා.
ගාල්ල, නාගොඩ, කැප්පිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නන්දියෙල් දරුවන් සිව් දෙනෙකුගේ පියෙක්.
ඔහුගේ අවසන් කටයුතු හෙට (13) බද්දේගම ආදාහනාගාරයේ දී සිදුකිරීමට නියමිතයි.













