මෙරට බලශක්තියේ සිදුවෙන සාධනීය වෙනස්කම් ගැන ඇමෙරිකාවේ අවධානය

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවදානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell පෙරේදා (28) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කාර්යාලයේදී සිදුවූ මෙම හමුවේදී මෙරට බලශක්ති හා විදුලිබල යන ක්ෂේත්‍ර දෙකෙහිම විවිධ වෙනස්කම් හා වර්ධනයන් පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ඇමරිකානු ආයෝජන සහ තාක්ෂණික සහය ලබාගැනීමට අපේක්ෂා කරන ක්ෂේත්‍ර පිළිබදව මෙන්ම ගොඩනැගෙන නව අවස්ථා පිළිබදවද විස්තර කළා.

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල මෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම්ද රටේත් මෙම කලාපයේත් බලශක්ති ස්ථාවරත්වයට අදාළ කරුණුත් මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබෙනව.

මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබද නිළධාරී Jacob Thomases, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56