මෙරට පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ලබාදීමට සූදානම්

මෙරට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, අධීක්ෂණය, මූල්‍ය සහ පරිපාලන යනාදී කාර්යයන් වැඩි දියුණු කිරීම හා ඒවායේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දැනුම හා අත්දැකීම් හුවමාරුකරගැනීමට සුදානම් බව යුරෝපා සංවිධානයේ, INTER PARES ගෝලීය ව්‍යාපෘතියේ නියෝජිත පිරිස දැනුම්දී තිබෙනවා.

ඔවුන් මෙම අදහස් පළ කළේ, මෙරට පාර්ලිමේන්තුවේ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා සංවිධානය කර තිබු සිව් දින වැඩසටහනේ අවසන් දිනය වූ පසුගිය 11 වැනි දින පාර්ලිමේන්තුවේදී සහකාර මහලේකම් හංස අබේරත්න මහතා හමුවූ අවස්ථාවේදීය.

මේ අවස්ථාව සඳහා INTER PARES ගෝලීය ව්‍යාපෘතියේ ප්‍රධානී, ආචාර්ය ජොනතන් මර්ෆි (Dr. Jonathan Murphy) මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

පාර්ලිමේන්තු ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා වන යුරෝපා සංවිධානයේ, INTER PARES ගෝලීය ව්‍යාපෘතියේ නියෝජිත පිරිස පසුගිය 07 වැනිදා සිට දින සිට 11 වැනි දින දක්කවා මෙරට පාර්ලිමේන්තුවේ විවිධ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් හා අදාළ නිලධාරීන් හමුවී අදහස් හුවමාරු කර ගත්තා.

මෙලෙස විවිධ පාර්ශව සමග සාකච්ජා කර ලබාගත් දත්ත හා අවබෝධය ඔස්සේ අංශ කිහිපයක් මගින් මෙරට පාර්ලිමේන්තු ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බවද එම නියෝජිත පිරිස පැවසුවා.

අයවැය අධීක්ෂණය ශක්තිමත් කිරීම, පුරවැසි සහභාගීත්වය වැඩි දියුණු කිරීම මගින් ‘විවෘත පාර්ලිමේන්තු’ සංකල්පය වැඩි දියුණු කිරීම, අබාධිතභාවය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, දේශගුණික විපර්යාස සහ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව තිබුණා.

ඒ අනුව එම අංශ ශක්තිමත් කිරීම උදෙසා විවිධ වැඩමුළු මෙම පුද්ගල හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඔවුහු
අවධාරණය කළා.

වැඩසටහනේ පළමු දින මෙම නියෝජිත පිරිස පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය හා සහකාර මහලේකම් හංස අබේරත්න මහතා හමු වී සාකච්ජා පැවැත්වූවා.

එහිදී මහලේකම්වරිය පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ පුර්ණ පැහැදිළි කිරීමක් සිදු කළා.

සහකාර මහලේකම් හංස අබේරත්න මහතා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිළිබඳව ද නියෝජිත පිරිස දැනුවත් කෙරුණා.

නියෝජිත පිරිස සන්නිවේදන දෙපර්තමේන්තුවේ ද නිලධාරීහු හමු වී අදහස් හුවමාරු කරගත්තා.

ඒ අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වුණා.

එහිදී මාධ්‍ය හා මහජන සේවා අංශ මගින් ව්‍යවස්ථාදායක හා මහජනය අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදු කරන කාර්ය භාරය පිළිබඳව ඔවුහු නියෝජිත පිරිස දැනුවත් කළා.

අනතුරුව ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාරක සභා පද්ධතිය පිළිබඳ සාකච්ජා කිරීම සඳහා ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව සමග ද සාකච්ජා පැවැත්වුණා.

මේ සඳහා අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු සභා ලේඛන කාර්යාංශ සහ පනත් කෙටුම්පත් කාර්යාංශයේ නිලධාරී මහත්ම මහත්මීහු සහභාගී වුණා.

එහිදී කාරක සභා ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම පනත් කෙටුම්පත් සකස් කිරීම ආරම්භ කිරීමේ සිට එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීම වීම දක්වා වූ ක්‍රියාවලිය පිළිබඳවද එම නියෝජිත පිරිස දැනුවත් කළා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (CoPE) සභාපති පර්ලිම්ර්න්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (CoPA) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්, ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති විපක්ෂ
නායක සජිත් ප්‍රේමදාස සහ (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ද හමුවී සාකච්ජා පැවැත්වූවා.

එහිදී එම සභාපතිවරුන් විසින් තම කාරක සභා සහ සංසදවල කාර්යභාරය, වර්තමාන ක්‍රියාකාරිත්වය, ප්‍රතිඵල හා අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30