spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ඩොලර් අර්බුදය අදින් අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ලැබීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ, අනුව මෙරට ඩොලර් අර්බුදය අවසන් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ප්‍රමාණවත් තරම් විදෙස් සංචිත ඒ සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත මෙම ණය මුදලත් සමඟ ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?