මෙරට ඖෂධ හිඟය ගැන ඇසෙන අලුත්ම හෙලිදරව්ව

රටේ පවතින වත්මන් තත්වය හමුවේ දැඩි ආර්ථික අවපාතයක් ඇති මොහොතක රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ බොහෝමයක් අඩුවක් දක්නට ලැබේ .ඒ අතර ප්‍රධාන වශයෙන් ඖෂධ මෙයට දැඩි හිගතාවය ක් දක්නට ලැබේ. මේ වනවිට දිවයින් පුරා අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 188ක හිඟතාවයක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියමන රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මෙවන් අදහසක් ,

“බෙහෙත් හිඟතාවයට අලුතින් ඇති වුණ තත්ත්වය තමා බලපාලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිට ඩොලර් හිඟය මුලික වශයෙන් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම WHO ආයතනය ඩොලර් මිලියන 73ක්, බෙහෙත් දෙන්න අවශ්‍ය වැඩකටයුතු සම්පාදනය කරලා ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ වගේම ADB ආයතනය ඩොලර් මිලියන 60ක් ලබාදීලා ඒකත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අපි ඩොලර් මිලියන 126ක කටයුතු සිදුවෙමින් යනවා. මේ වනවිට අපේ රටේ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දෙකක් හිඟයි. එකක් තමයි rabies serum එක. අනිත් එක Streptokinase එක. ඒක අපිට ගැටලුවක් වෙන්නේ නෑ. Streptokinase වෙනුවට ඊට වඩා හොඳ බෙහෙතක් තියෙනවා. ඒ වගේම rabies serum එක හෙට වෙද්දි අපිට ලැබෙනවා. මීට අමතරව අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 188ක හිඟයක් තියෙනවා. ඒ හිඟය මඟහරවා ගන්න මේ වනවිට කටයුතු කරමින් යනවා.”

වැඩි දුරටත් ඔහු අදහස් දක්වමින් කියා සිටියේ,

වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් වුණාට පස්සේ තමා අපිට දැනුම්දෙන්නේ මේ ඖෂධය අපේ ගබඩාවල අඩුවෙලා ඒ නිසා ඊළඟ සැපයුම ලබාදෙන්න කියලා. ඒ තොරතුර මත තමයි ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්යභාරය පටන්ගන්නේ. හැබැයි අපි පුළුවන් තරම් ඒ තොරතුරු මත යාවත්කාලීන වෙමින් සිටිනවා. ඒ අතරතුර අපි කොපමණ හඳුනාගත්තත් මේ ඖෂධය හිඟවීමට නියමිතයි කියලා අපි ළඟ මුදල් නැත්නම් හෝ ණයවර ලිපි විවෘත කරන්න බැංකුව ප්‍රමාද වෙනවා නම් අපිට ඒ ඖෂධ හිඟය මඟ හැරවීමට හැකියාවක් නෑ. ඒ අතර වෙන සාමාන්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරයට ඖෂධ මිල දී ගැනීම සරල නෑ. එය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණයි. එයට යම් කාලයක් ගතවෙනවා. ඒ වගේම අපි ඇනවුම කරාට පස්සේ තමා ඒ ඖෂධ සමාගම එය නිෂ්පාදනය කරන්න පටන් ගන්නේ. එම කාලය අවම වශයෙන් මාස 2ක් හෝ තුනක්. අපිට මුදල් වෙන්කළ පමණින් වෙනත් ද්‍රව්‍ය වගේ සරලව අපිට ඖෂධ මිලදී ගන්න බෑ. ඒ ප්‍රශ්නය දැකපු නිසා තමයි අපි මුල සිටම ඉල්ලීම් කළේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29
Video thumbnail
ක්‍රිකට් ඉත්තෑවන් හැමෝටම නි.ඇමතිගෙන් සුබ ආරංචියක්..අපිට ඕනි නෑ ක්‍රිකට් තහනම් කරගෙන ක්‍රිකට් හදන්න
04:57
Video thumbnail
ආණ්ඩුව පට්ටපල් කෙබරනේ අතාරින්නේ..මරික්කාර් කට උත්තර නැතිවෙන්නම කියයි..
02:31