spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ඖෂධ හිඟය ගැන ඇසෙන අලුත්ම හෙලිදරව්ව

රටේ පවතින වත්මන් තත්වය හමුවේ දැඩි ආර්ථික අවපාතයක් ඇති මොහොතක රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ බොහෝමයක් අඩුවක් දක්නට ලැබේ .ඒ අතර ප්‍රධාන වශයෙන් ඖෂධ මෙයට දැඩි හිගතාවය ක් දක්නට ලැබේ. මේ වනවිට දිවයින් පුරා අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 188ක හිඟතාවයක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියමන රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මෙවන් අදහසක් ,

“බෙහෙත් හිඟතාවයට අලුතින් ඇති වුණ තත්ත්වය තමා බලපාලා තියෙන්නේ. විශේෂයෙන්ම අපිට ඩොලර් හිඟය මුලික වශයෙන් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම WHO ආයතනය ඩොලර් මිලියන 73ක්, බෙහෙත් දෙන්න අවශ්‍ය වැඩකටයුතු සම්පාදනය කරලා ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ වගේම ADB ආයතනය ඩොලර් මිලියන 60ක් ලබාදීලා ඒකත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අපි ඩොලර් මිලියන 126ක කටයුතු සිදුවෙමින් යනවා. මේ වනවිට අපේ රටේ ජීවිතාරක්ෂක ඖෂධ වර්ග දෙකක් හිඟයි. එකක් තමයි rabies serum එක. අනිත් එක Streptokinase එක. ඒක අපිට ගැටලුවක් වෙන්නේ නෑ. Streptokinase වෙනුවට ඊට වඩා හොඳ බෙහෙතක් තියෙනවා. ඒ වගේම rabies serum එක හෙට වෙද්දි අපිට ලැබෙනවා. මීට අමතරව අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග 188ක හිඟයක් තියෙනවා. ඒ හිඟය මඟහරවා ගන්න මේ වනවිට කටයුතු කරමින් යනවා.”

වැඩි දුරටත් ඔහු අදහස් දක්වමින් කියා සිටියේ,

වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් වුණාට පස්සේ තමා අපිට දැනුම්දෙන්නේ මේ ඖෂධය අපේ ගබඩාවල අඩුවෙලා ඒ නිසා ඊළඟ සැපයුම ලබාදෙන්න කියලා. ඒ තොරතුර මත තමයි ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්යභාරය පටන්ගන්නේ. හැබැයි අපි පුළුවන් තරම් ඒ තොරතුරු මත යාවත්කාලීන වෙමින් සිටිනවා. ඒ අතරතුර අපි කොපමණ හඳුනාගත්තත් මේ ඖෂධය හිඟවීමට නියමිතයි කියලා අපි ළඟ මුදල් නැත්නම් හෝ ණයවර ලිපි විවෘත කරන්න බැංකුව ප්‍රමාද වෙනවා නම් අපිට ඒ ඖෂධ හිඟය මඟ හැරවීමට හැකියාවක් නෑ. ඒ අතර වෙන සාමාන්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරයට ඖෂධ මිල දී ගැනීම සරල නෑ. එය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණයි. එයට යම් කාලයක් ගතවෙනවා. ඒ වගේම අපි ඇනවුම කරාට පස්සේ තමා ඒ ඖෂධ සමාගම එය නිෂ්පාදනය කරන්න පටන් ගන්නේ. එම කාලය අවම වශයෙන් මාස 2ක් හෝ තුනක්. අපිට මුදල් වෙන්කළ පමණින් වෙනත් ද්‍රව්‍ය වගේ සරලව අපිට ඖෂධ මිලදී ගන්න බෑ. ඒ ප්‍රශ්නය දැකපු නිසා තමයි අපි මුල සිටම ඉල්ලීම් කළේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?