spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරටට සංචාරකයින් ගෙන්වීම මිලියන 7.5ක් කිරීමට සැලසුම් සකස් කළ යුතුයි (ඡායාරූප)

සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැර ව නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ; ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බවත්, එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැර ව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 7.5 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (27) පස්වරුවේ දී මෙම සමුළුව පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ සේවය වෙනුවෙන් ශ්‍රී ලාල් මිත්තපාල සහ හිරාන් කුරේ යන මහත්වරුන් වෙත යාවජීව සම්මාන දෙකක් පිරිනැමීම ද ජනාධිපතිවරයාගේ සුරතින් සිදු වුණා.

WhatsApp Image 2023 11 28 at 15.45.32
WhatsApp Image 2023 11 28 at 15.45.33 1
WhatsApp Image 2023 11 28 at 15.45.33 2
WhatsApp Image 2023 11 28 at 15.45.33
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?