“මෙය අභියෝගාත්මක දුෂ්කර ගමනක්” – ජනපතිගෙන් 2024 නව වසරට සුබ පැතුම්

පුද්ගලික අපේක්ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය බව ජනාධිපතිවරයා පවසනවා.

2024 නව වසරට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

පසුගිය වසර පුරා සිදුකළ කැපවීම් සහ දුෂ්කරතා හේතුවෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මූලික පදනම සාර්ථක කර ගැනීමට හැකි වූ බවත්, ආර්ථිකය ස්ථාවර කරගැනීම උදෙසා මෙම මාර්ගයේම තවත් ඉදිරියට යා යුතුව ඇති බවත් ජනාධිපතිවරයා එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එය මල් ඇතිරූ සුමුදු මඟක් නොව අභියෝගාත්මක දුෂ්කර ගමනක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය පහතින්.

WhatsApp Image 2023 12 31 at 11.37.31 PM