මෙම වසරේ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර – අග්‍රාමාත්‍යවරිය

ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවත්, මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සැලකිය යුතු ලෙස අවම වනු ඇති බව ද ඇය සඳහන් කරනවා.

ඒ අනුව විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙලෙස උපාධිධාරීන් බඳවාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඇය මේ බව පැවසුවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති ‘අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාවේ’ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පිහිටුවා ඇති අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව විසින් පත් කළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් සාකච්ඡා වට ගණනාවකින් පසු මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

ඒ, අනුව අදාළ වාර්තාව අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ප්‍රසිද්ධ දැන්වීම් මගින් එම වාර්තාව පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා මාසයක කාලයක් ලබා දීමට මෙහිදී තීරණය වුණා.

මේ අතර, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න විසින් ද පාසල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න විසින් ද ඉදිරිපත් කළා.

එසේම, පාසල්වල පවතින භෞතික සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේ ප්‍රගතිය එම අනු කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ විසින් ඉදිරිපත් කිරීම මෙහිදී සිදු වුණා.

තවද ජාතික හා පළාත් මට්ටමින් මෙම අමාත්‍යාංශයට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

ඒ, අනුව ඒවා සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබාදීම සිදු කෙරුණා.

  1. අපි පාසල් වල සේවය කරන ඌන සේවා උපාධිධාරීන් මානව සම්පතක් ගුරැ ව්භාගය ලියන්න වයස වැඩි අපගෙන් රටට ඵලදායි සේවාවක් ලබාගන්න සුදුස්සාට සුදුසු තැන දෙන්න රටට වැඩදායි රාජ්ජ්‍ය සේවකයෙකු කරන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39