මෙන්න අවස්ථාව ඔයාටත් පොලිසියෙන් තෑග්ගක්

මීටියාගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන බටපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ශක්ති මධුශංක  වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ සැකකරුගේ දේශපාලන පසුබිම කුමක් වුවත්, ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටයි අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද තීරණය කර තිබෙනවා.

එසේම, මොහුට රැකවරණය ලබාදෙන හෝ පහසුකම් සලසන අයට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

පසුගිය 25 වනදා සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව තිබුණේ 24 හැවිරිදි තරුණයෙක්.

එය මෙම මන්ත්‍රීවරයාගේ සැලසුමක් මත සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනට පොලීසිය මඟ හරිමින් සිටින අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718 59 14 81 යන අංකයෙන් මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට, 1997 අංකයට හෝ 118 මෙන්ම 119 යන අංක වෙත තොරතුරු ලබාදෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09