මෙට්‍රික් ටොන් 13ක ආධාර තොගයක් පාකිස්ථානයෙන් මෙරටට

පාකිස්ථාන රජය විසින් මෙරට ආපදා තත්වය හමුවේ ආපදාවට ලක් වී ඇති ශ්‍රී ලාංකික ජනතාව වෙත ලබා දීම සඳහා මෙට්‍රික් ටොන් 13 ක් බරැති ආධාර තොගයක් ඊයේ (11) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

එම ආධාර තොගය තුළ මදුරු දැල් 3,000 ක්, වායු මෙට්ට 2,000 ක් , සුදු පැහැති ඇද ඇතිරිළි 1,000 ක් සහ මෙට්ට 100 ක් ද තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 13,961 ක් බවයි වාර්තා වන්නේ.

මෙම ආධාර තොගය ඊයේ දින පස්වරු 05.20 ට පකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 154 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා .

මෙම අධාර තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.