මෘදු මත්පැන් බලපත්‍ර නිකුතුවට අදාළ ව අභියාචනාධිකරණයෙන් නියෝගයක්

සංචාරක කලාපවලට සහ පිටස්තර ප්‍රදේශවලට නිකුත් කර තිබෙන මෘදු මත්පැන් බලපත්‍ර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව හෙට(24) දින දැනුම්දෙන ලෙස අභියාචනාධිකරණය අද පාර්ශ්වකරුවන්ට දැනුම්දුන්නා.

ශ්‍රී ලංකා රට බීම හල් බලපත්‍ර හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් ගොනුකළ රිට් පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දී කැඳවනු ලැබූ අවස්ථාවේ දියි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන අධිකරණයට කරුණු දක්වමින් යෝජිත බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුකූල ව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශ මත සංචාරක කලාපයට පමණක් නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ නම් එම කරුණ මත මෙම නඩුකරය සමථයකට පත්කර ගැනීමට තම පාර්ශ්වය සූදානම් බව දැනුම් දුන්නා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ කරුණ මත මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාවක් තිබේ දැයි වගඋත්තරකරුවන්ගෙන් ලිඛිත ව උපදෙස් ලබාගෙන හෙට දින අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඬුල්ල විසින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරියට නියම කළා.

නව මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය හෙට දින දික් දක්වා දීර්ඝ කරන බව ද විනිසුරු මඬුල්ල මෙහිදී නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26