මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.

සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් යුතුව එම කාරක සභාව තමා විසින් පත් කළ බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ.

ඒ අනුව පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩී. වී. චානක, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් සහ රංජිත් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කාරක සභාවේ සේවය කිරීම වෙනුවෙන් පත් කර තිබෙනවා.