හැත්තෑහය වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් ලබන ඉරිදා (4 ) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල නොනවත්වා දුම්රිය ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.
‘නිදහස් දින’ රාජ්‍ය උත්සවයට සහභාගි වන ප්‍රභූන්, ත්‍රිවිධ හමුදා සහ පොලිසිය යන පිරිස්වල ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
