මුහුදට බිළිවෙන්න ගිය පුද්ගලයාගේ දිවි ගැලවූ මෙහෙයුම (ඡායාරූප)

මුහුදේ නාමින් සිටි පුද්ගලයින් පිරිසක් අතුරින් දිය වැලකට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට ඊයේ (05) පස්වරුවේ හැකිව තිබෙනවා.

කුච්චවේලි පොලිස් වසමේ නිලාවේලි, ගෝපාලපුරම් වෙරළ තීරයේ දිය නමින් සිටිය දී ගසාගෙන ගිය පුද්ගලයෙකුයි මෙලෙස බේරාගෙන ඇත්තේ.

වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් තිදෙනෙක් හා නාවික හමුදා වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරියෙකු එක්ව අදාළ පුද්ගලයාගේ දිවි බේරාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මුහුදට බිළිවෙන්න ගිය පුද්ගලයාගේ දිවි බේරු මෙහෙයුම (ඡායාරූප)

WhatsApp Image 2022 11 06 at 1.27.40 PM