මුෂ්ෆිකර් රහීම් කණ්ඩායමෙන් එළියට – කොදෙව් සංචාරයත් අහිමි වන ලකුණු

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ආබාධයකට ලක් ව තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ; මේ හේතුවෙන් නොවැම්බර් 09 එනම් අනිද්දා දිනයේ දී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවැනි එක්දින තරගය මුෂ්ෆිකර් හට අහිමි වන බවයි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ (06) පළමු එක්දින තරගය සාජා නුවර දී දෙරට අතර පැවැත්වුණු අතර එහිදී මුෂ්ෆිකර් රහීම් ආබාධයකට ලක් වුණා.

ඔහුගේ එක් අතක ඇඟිලිවල අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන ඉතිරි තරග දෙක ම ඔහුට අහිමි වන බවත් මේ මස අග දී කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන සංචාරයට ද මුෂ්ෆිකර්ගේ සහභාගීත්වය තවමත් නිශ්චිත නොවන බවත් වාර්තා වනවා.

වම් අතේ ආබාධයකට ලක් ව සිටින මුෂ්ෆිකර්ගේ පුරප්පාඩුව වෙනුවෙන් ජේකර් අලි කඩුලු රැකීමේ රාජකාරි‍ය ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

ලිට්න් ඩාස් ද වෛරස උණ ආසාදිතව තවමත් ප්‍රතිකාර ලබන බවත් ඔහු සංචිතයට එබැවින් එක් කර නොමැති හෙයින් ඔහු සුව වුණ ද තරගාවලියට කැඳවිය නොහැකි බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15