මුෂ්ෆිකර් රහීම් එක්දින පිටියෙන් සමුගනියි

බංග්ලාදේශයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමු ගැනීමේ තීරණය නිවේදනය කර තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් එක්දින ලකුණු ලැයිස්තුවේ දෙවැනි වැඩිම එක්දින ලකුණුලාභියා ලෙසයි මුෂ්ෆිකර් ඉතිහාසගත වී ඇත්තේ.

37 හැවිරිදි මුෂ්ෆිකර් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම කඩුලු රකින්නා ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු එක්දින තරග 274කට ක්‍රීඩා කර ලකුණු 7795ක් ලබාගෙන සිටිනවා.

ඊට එක්දින ශතක 09ක් මෙන් ම අර්ධ ශතක 49ක් ද ඇතුළත්.

සිය සමුගැනීම පිළිබඳ ව මුෂ්ෆිකර් පවසා ඇත්තේ තමන් සෑම විටම හැකි උපරිමය එනම් සියයට සියයක්ම කණ්ඩායම වෙනුවෙන් ලබා දුන් බවයි.

ඔහුගේ සාමාන්‍යය 36.42 ක් වන අතර කණ්ඩායමට සිටි ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙසටයි රහීම් ව හැඳින්වෙන්නේ.

මුෂ්ෆිකර් රහීම් අවසන් වරට ක්‍රීඩා කළේ පසුගිය සතියේ දී ඔවුන් පරාජය වීමෙන් පසු ඉවත් වූ චැම්පියන්ස් කුසලාන තරගාවලියයි.

මුෂ්ෆිකර් රහීම් යනු එක්දින තරග 250කට වඩා ක්‍රීඩා කළ කඩුලු රකින්නන් පස් දෙනාගෙන් එක් අයෙක්.

ඔහුගේ ශතක 07, කුමාර් සංගක්කාර්, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ එම්එස් දෝනිට පසුව කඩුලු රකින්නෙකු විසින් ලබා ගත් සිව්වන වැඩිම ලකුණුලාභියා ද වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28