මුව ආවරණ නොපැළඳුවොත් මෙන්න දඬුවම

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ නොපළඳින විදෙස් සංචාරකයින්ට දෙන අපූරු දඬුවමක් පිළිබඳව ඉන්දුනීසියාවේ බාලි දූපතෙන් වාර්තා වේ.

ඒ වරදට අදාළ දඩය ගෙවා ගැනීමට නොහැකි නම්, ආරක්ෂක අංශ නිරීක්ෂණය යටතේ 50 වාරයක් ශරීරික ව්‍යායාමවල (push-ups) නිරතවීමයි.

මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති පසුබිමක් තුළදී එය නොපැළඳීමේ වරදට නියම කරන දඩය ගෙවා ගත නොහැකි සංචාරකයින්ට මෙම දඬුවම විඳීමට සිදුව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බාලි ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය දින කිහිපයේ ම මෙලස නිරෝධායන නීති කඩ කළ පිරිස් කොටු කර ගත් බවයි.

පුද්ගලයින් 70 දෙනෙකුගෙන් දඩ අයකරගෙන ඇති අතර එලෙස දඩ ගෙවා ගත නොහැකි තවත් 30 දෙනෙකුට මෙලෙස දඬුවමට මුහුණ දීමට සිදුව තිබේ.

මාස්ක් නොපැළඳ සිටින පිරිස් 50 වාරයක් මෙම ව්‍යායාමය (push-ups) සිදුකළ යුතු වුත් නිසි ලෙස මුව ආවරණ පැළඳ නොසිටින්නේ නම් ව්‍යායාමය කළ යුත්තේ, වාර 15ක් පමණි.

තව ද බාලි බලධාරීන් එහි රැඳී සිටින විදේශිකයින්ට අනතුරු අඟවා ඇත්තේ, කොරෝනා නීති කඩ කරන්නේ නම්, ඔවුන් රටින් පිට කරන බවයි.

වසංගතයෙන් පීඩා විඳි මෙම දූපත නිල වශයෙන් විදේශීය සංචාරකයින් සඳහා වසා දමා ඇති නමුත් විදේශයන්හි සිට පැමිණෙන දිගුකාලීන පදිංචිකරුවන් බොහෝ දෙනෙක් එහි රැඳී සිටිති.

කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ වෙනත් ස්ථානයක රැඳී සිටින විදේශීය සංචාරකයින්ට තවමත් බාලිහි සංචාරය කිරීමට අවසර හිමිවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38