spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුව ආවරණ නොපැළඳුවොත් මෙන්න දඬුවම

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ නොපළඳින විදෙස් සංචාරකයින්ට දෙන අපූරු දඬුවමක් පිළිබඳව ඉන්දුනීසියාවේ බාලි දූපතෙන් වාර්තා වේ.

ඒ වරදට අදාළ දඩය ගෙවා ගැනීමට නොහැකි නම්, ආරක්ෂක අංශ නිරීක්ෂණය යටතේ 50 වාරයක් ශරීරික ව්‍යායාමවල (push-ups) නිරතවීමයි.

මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති පසුබිමක් තුළදී එය නොපැළඳීමේ වරදට නියම කරන දඩය ගෙවා ගත නොහැකි සංචාරකයින්ට මෙම දඬුවම විඳීමට සිදුව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බාලි ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුගිය දින කිහිපයේ ම මෙලස නිරෝධායන නීති කඩ කළ පිරිස් කොටු කර ගත් බවයි.

පුද්ගලයින් 70 දෙනෙකුගෙන් දඩ අයකරගෙන ඇති අතර එලෙස දඩ ගෙවා ගත නොහැකි තවත් 30 දෙනෙකුට මෙලෙස දඬුවමට මුහුණ දීමට සිදුව තිබේ.

මාස්ක් නොපැළඳ සිටින පිරිස් 50 වාරයක් මෙම ව්‍යායාමය (push-ups) සිදුකළ යුතු වුත් නිසි ලෙස මුව ආවරණ පැළඳ නොසිටින්නේ නම් ව්‍යායාමය කළ යුත්තේ, වාර 15ක් පමණි.

තව ද බාලි බලධාරීන් එහි රැඳී සිටින විදේශිකයින්ට අනතුරු අඟවා ඇත්තේ, කොරෝනා නීති කඩ කරන්නේ නම්, ඔවුන් රටින් පිට කරන බවයි.

වසංගතයෙන් පීඩා විඳි මෙම දූපත නිල වශයෙන් විදේශීය සංචාරකයින් සඳහා වසා දමා ඇති නමුත් විදේශයන්හි සිට පැමිණෙන දිගුකාලීන පදිංචිකරුවන් බොහෝ දෙනෙක් එහි රැඳී සිටිති.

කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ වෙනත් ස්ථානයක රැඳී සිටින විදේශීය සංචාරකයින්ට තවමත් බාලිහි සංචාරය කිරීමට අවසර හිමිවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?