‘මුවන් කන්ද’ වතුයායේ වතු කම්කරුවන්ට තැපැල් ලිපින – ජීවරත්නම්ගේ උත්සාහය අධිකරණයේ දී ජයගනී

කුරුණෑගල, මාවතගම “මුවන් කන්ද” වතුයායේ වාසය කරනු ලබන වතු කම්කරු පවුල් සඳහා තැපැල් ලිපින ලබාදීමට පියවර ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

වතු කම්කරු ජනතාව සඳහා තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම “මුවන් කන්ද” වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (04) කැඳවනු ලැබූ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම අද (04) දිනයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු පදිංචිව සිටින “මුවන් කන්ද” වතුයායේ පදිංචිකරුවන් සඳහා තැපැල් ලිපින ලබාදීමට කටයුතු කර තිබෙන බව දන්වා සිටියා.

මෙම කාර්යය ඉටු කිරීම සඳහා තොරතුරු රැස් කිරීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුති වන්ත විය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කර සිටියා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ දිවයින පුරා වාසය කරන සමස්ත වතු ප්‍රජාවට තැපැල් ලිපින ලබාදීම බව සඳහන් කර සිටියා.

මෙහිදී අගවිනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශ්වය නීතිඥවරයාට පෙන්වා දුන්නේ වසර දෙසීයක ඉතිහාසය තුළ පළමු වතාවට පෙත්සම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවයි.

එය අනුමත කරන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් සමස්ත වතු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබාදීමේ ක්‍රියාවලිය සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව තමන් ද පිළිගන්නා බව සඳහන් කර සිටියා.

වසර 200කට වැඩි කාලයක් මෙරට ආර්ථිකයට විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින වතු කම්කරුවන් සඳහා තැපැල් ලිපින ලබාදීමට රජය කටයුතු කිරීම අගයන බවත් ඔහු සඳහන් කළා.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කරුණු දක්වමින් දිවයින පුරා වාසය කරන සමස්ත වතු ප්‍රජාව තැපැල් ලිපින ලබාදීමේ කාර්යය දීර්ඝ කාලයක් ගත විය හැකි වැඩපිළිවෙළක් බව සඳහන් කළා.

මෙම කාර්යය ඉටුකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා තොරතුරු රැස්කිරීමට සිදු වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ සඳහා කාලය අවශ්‍ය බවත් සඳහන් කළා.

මෙහිදී අගවිනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශ්වයට පෙන්වා දුන්නේ පෙත්සම්කරු ඉල්ලා සිටි සහනය මේ වන විටත් ඉටු වී ඇති නිසා මෙම පෙත්සමේ විභාගය අත්හිටුවන වන බවයි.

කෙසේ වෙතත් වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට අවශ්‍ය නම් මාස 06 කින් හෝ මාස 09 කින් පසුව මෙම පෙත්සම විවෘත අධිකරණයේ කැඳවා එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට පෙත්සම්කාර පාර්ශවය හැකියාව තිබෙන බවත් අග විනිසුරුවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව පෙත්සම් විභාගය අත්හිටුවිමට ද අධිකරණය තීන්දු කළා.

පෙත්සම්කරු කියා සිටින්නේ වසර දෙසීයකට වඩා ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිමින් මෙරට ආර්ථිකයට විශාල කාර්යභාරයක් ඉටු කළ වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබානොදීම හේතුවෙන් ඔවුන් එදිනෙදා ජීවිතයේ දී ප්‍රායෝගික ප්‍රශ්න රැසකට මුහුණ පා සිටින බවයි.

මේ තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන්ට තැපැල් ලිපින ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40