මුල අමතක නොකළ කිං කෝලි (ඡායාරූප)

20-20 ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කරදීමෙන් පසු විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යාමට ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලයින් තිදෙනෙක්ම තීරණය කළා.

නායක රෝහිත් ශර්මා, විරාට් කෝලි සහ රවීන්ද්‍ර ජඩේජා එම තීරණය ගත් ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනායි.

එලෙස සිය විශ්‍රාම යාම නිවේදනය කළ ජ්‍යෙෂ්ඨයින් තිදෙනා අතර සිටින විරාට් කෝලි සිය කුඩා කළ පුහුණුකරු වූ රාජ්කුමාර් ෂර්මා හමුවීමට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම යළි මව් රටට පැමිණීමෙන් පසු කෝලි මුම්බායි නුවර දී මෙලෙස සිය පළමු පුහුණුකරු හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ජයග්‍රාහී පෙළපාළිය, පිළිගැනීමේ උත්සව වැනි අවස්ථාවන් සමඟ ඉන්දීය කණ්ඩායම කාර්යබහුලව සිටි මොහොතක එම ක්‍රියාකාරකම් මධ්‍යයේ කෝලි තම ළමා කාලයේ පුහුණුකරු සමඟ කාලය ගත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දීය මාධ්‍යවල අවදානය යොමුව තිබෙනවා.

මෙම විශේෂ හමුවෙන් පසු කෝලිගේ කුඩා කළ පුහුණුකරු වූ රාජ්කුමාර් ෂර්මා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඡායාරූප කිහිපයක් එක්කරමින් විශේෂ සටහනක් ද එක්කර තිබීම විශේෂත්වයක්.

“ඔබේ පළමු පුහුණුවීමේ සිට ඔබේ ඇදහිය නොහැකි සාර්ථකත්වය දක්වා, ඔබ සැමවිටම මාව ආඩම්බරයට පත් කළා.විරාට් කෝලි දිගටම ශක්තිමත් වෙන්න.” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබුණා.

1 2
2 3
3

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36