මුල් මාස පහේ සුරාබදු ආදායම බිලියන 98යි – ස්කෑන් කරලා බෝතලේ ගන්න පාරිභෝගියාටත් අවස්ථාවක්

මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල් බිලියන 242න් 2025 මැයි 31 වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104% ක් එනම් බිලියන 98ක් උපයාගත හැකි වූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව හමුවට පසුගිය දා (06) සුරාබදු දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වුණා.

2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල් බිලියන 242න් රුපියල් බිලියන 240ක් මත්පැන්වලින් ද, රුපියල් බිලියන 02ක් බීඩිවලින් ද ලබාගැනීම‍ට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ.

පසුගිය වසරේ මැයි 31 වන විට එම ආදායම රුපියල් බිලියන 88ක් බවත්, ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 කින් ආදායම මේ වන විට වැඩිවී ඇති බවත් මෙහිදී අනාවරණය වුණා.

නව රජය බලයට පත්වීමත් සමඟ නීති විරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් වූ බවත්, මේ වන විටත් අඛණ්ඩව එම වැටලීම් සිදුකරමින් පවතින බවත් නිලධාරීන් සඳහන් කළා.

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ සභාපතීත්වයෙන් 2025.06.06 දින පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය වුණා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ සමස්ත මෙහෙයුම් පිළිබඳව සහ ආරක්ෂක විශේෂාංග කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම කාරක සභාව රැස් වුණා.

මත්පැන් බෝතල් මත අලවා ඇති QR කේතයක් සහිත ආරක්ෂිත ස්ටිකරයක් ජංගම දුරකථනයක ඇති මෘදුකාංගයක් හරහා ස්කෑන් කිරීමෙන් ව්‍යාජ මත්පැන් බෝතල් හදුනාගැනීම සඳහා මේ වන විට අලුතින් ආරම්භ කොට ඇති වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍යවරයා විමසා සිටියා.

එම වැඩ පිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී නිලධාරින් පැවසුවා.

2024 අග භාගයේදී හදුන්වා දුන් මෙම නව QR කේතය සහිත ස්ටිකර් ක්‍රමයෙන් පසු,මීට පෙර සිදු වූවාක් මෙන් කිසිදු ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් වැටලීම්වලදී හමු වී නැති බවත්, නිලධාරීන් සඳහන් කළා.

මේ වන විට නිලධාරීන්ට පමණක් පරීක්ෂා කිරීමට හැකි වන පරිදි සීමාවී ඇති QR කේතයක් මගින් මත්පැන් බෝතල් පරීක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙල ඉදිරියේදි සාමාන්‍ය ජනතාවටත් විවෘත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එසේම මෙම නව ක්‍රමවේදය මගින් සුපිරි වෙළඳසැල්, හෝටල් ඇතුළු මත්පැන් අලෙවිසැල්වල අලෙවියට තබා ඇති මත්පැන් බෝතල් අතර ව්‍යාජ ඒවා තිබේද යන්න හදිසි වැටලීම් මගින් පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට අවධාරණය කළා.

සුරාබදු පනතේ පවතින අඩුලුහුඩුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී නිලධාරීහු සඳහන් කළා.

ඒ අනුව ඊට අදාළ යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

මත්පැන් මිල ඉහළයාම නිසා නීති වීරෝධි මත්පැන් පරිභෝජනය වැඩිවීම සිදුවන බැවින් ඊට විසදුමක් ලෙස ගුණාත්මක බවින් යුතු මත්පැන් සාධාරණ මිලකට නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

දියුණුව කරා යන ගමනේදී මේ වන විට ශ්‍රී ලංකාව සංධිස්ථානයක පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා බදු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා සෑම පුරවැසියෙක්ම සම්බන්ධ විය යුතු බවත් එසේ එක්රැස්කරන බදු රුපියලකුදු නාස්ති නොකර රටේ සංවර්ධනය සඳහා යොදවන බවත් අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14