මුල්ලේරියාවේ දරුවාගේ මරණයට සීයාත් අත්අඩංගුවේ

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් අසල කැපුම් තුවාල සහිතව මියගොස් සිටි දරුවාගේ මරණයට අදාලව ඔහුගේ සීයා වන 63 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගත් 51 හැවිරිදි පුද්ගලයා ඊයේ ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවී ඇත්තේ උදර ප‍්‍රදේශයේ සිදු වූ කැපුම් තුවාලයකින් අධික ලෙස රුධිර වහනය වීම හේතුවෙන් මරණය සිදුව ඇති බවටයි.

දරුවා මිය ගියේ තණකොළ කපන යන්ත්‍රයේ තලය අත්වැරදීමකින් දරුවාගේ උදරයේ වැදීමෙන් බව 51 හැවිරිදි පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර තිබුණා.

පස් හැවිරිදි දරුවාට බරපතළ තුවාල සිදුවීමට හේතුව ලෙස පෙන්වීමට කැඩුණු වීදුරු බෝතලයක කැබලි දරුවාගේ සිරුර අසල තැබූ බව ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ලෙස දරුවාගේ සීයා වන 63 හැවිරිදි පුද්ගලයාගෙන් ද පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතයි.

මියගිය දරුවාගේ අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී අද සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17