මුලතිව් ප්‍රාදේශීය ලේකම්ගේ වැසිකිළියෙන් ඉන්ධන මතුවෙයි

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිළියේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේ තිබී ඉන්ධන තොගයක් සොයාගෙන තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයා නීතිවිරෝධීව ඉන්ධන රැස්කරගෙන සඟවා තිබෙන බවට ලද තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි මෙම ඉන්ධන තොගය සොයාගෙන ඇත්තේ.

එහිදී ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ලීටර් 65 කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

අදාල ඉන්ධන තම රාජකාරී කටයුතු සඳහා පමණක් තබාගත් බවත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පොලීසිය නොමඟ යවා මෙලෙස වැටලීම සිදුකිරීම දැඩි අසාධාරණයක් බවත් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !