මුර සංචාරයේ ගිය පොලිස් රාළහාමිට නම ගිය අපරාධකරුවෙකුගෙන් ප්‍රහාරයක්

බුත්තල – බඩල්කුඹුර මාර්ගයේ දී ඊයේ (20) රාත්‍රියේ පොලිස් නිලධාරීයෙකුට පුද්ගලයෙකු පහර දී ඇති බව වාර්තා වනවා.

රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් මාර්ගයේ යතුරුපැදියක් අසල සිටි සැක සහිත පුද්ගලයෙකු පරීක්ෂා කිරීමට යාමේ දී එම පුද්ගලයා විසින් යකඩ ඉන්නකින් එක් පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීයා ප්‍රතිකාර සදහා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපාරධකරුවෙක් බවට අනාවරණය වී ඇති අතර, ඔහු බුත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක තැනැත්තෙක්.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51