මුරලිදරන් නඩු දමයි.. ඇමති නාමල්ට සිතාසි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක‍්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව පවසමින් අභියාචනාධිකරනයේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෙසේ පෙත්සමක් ගොනු කර ඇත්තේ ක‍්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ, ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා එහි විශායක නිලධාරීන් පහළොස් දෙනෙකුට එරෙහිවයි.

ඔවුනට එළැඹෙන මාර්තු 15 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර ඇත.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුළු ක‍්‍රීඩකයන් හා හිටපු පරිපාලකයන් පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පත්කරන ලද කමිටුවේ ද මුරලිදරන් සාමාජිකයෙකි.

පැමිණිලිකරුවන් ගේ පෙත්සමේ සඳහන් වන්නේ වත්මන් ව්‍යවස්ථාව මගින් ක්‍රිකට් පරිපාලනයට දේශපාලන සහ බාහිර බලපෑම විශාල වශයෙන් සිදුවන නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීමට නීතිමය වෙනස්කම් සිදු කළ යුතු බවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09