මුරලිදරන් නඩු දමයි.. ඇමති නාමල්ට සිතාසි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර නව ක‍්‍රිකට් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව පවසමින් අභියාචනාධිකරනයේ පෙත්සමක් ගොනු කර තිබේ.

මෙසේ පෙත්සමක් ගොනු කර ඇත්තේ ක‍්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ, ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා එහි විශායක නිලධාරීන් පහළොස් දෙනෙකුට එරෙහිවයි.

ඔවුනට එළැඹෙන මාර්තු 15 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර ඇත.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුළු ක‍්‍රීඩකයන් හා හිටපු පරිපාලකයන් පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා පත්කරන ලද කමිටුවේ ද මුරලිදරන් සාමාජිකයෙකි.

පැමිණිලිකරුවන් ගේ පෙත්සමේ සඳහන් වන්නේ වත්මන් ව්‍යවස්ථාව මගින් ක්‍රිකට් පරිපාලනයට දේශපාලන සහ බාහිර බලපෑම විශාල වශයෙන් සිදුවන නිසා මෙම තත්ත්වය වළක්වා ගැනීමට නීතිමය වෙනස්කම් සිදු කළ යුතු බවකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00