මුරකරු ඝාතනය කර නුවරඑළිය ඩිපෝවේ සල්ලි කොල්ල කාලා

නුවරඑළිය ලංගම ඩිපෝවේ සේවය කළ මුරකරුවෙක් ඝාතනය කර ඩිපෝව තුළ තිබූ රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදල්ක් කිසියම් පිරිසක් සොරාගෙන තිබෙනවා.

මේ සම්බධයෙන් නුවරඑළිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇති මුරකරු නුවරඑළිය, ගල්පාය ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මුරකරුගේ හිසට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, අනතුරුව ඩිපෝවේ අල්මාරියක් තුළ තිබූ රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදලක් සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදු වූ අවස්ථාවේ දී ඩිපෝවේ ස්ථාන භාර නිලධාරියා සහ මුදල් අයකැමිවරයා ඩිපෝව තුළ රැදී සිට ඇති අතර, ඔවුන් නින්දට ගොස් සිටිය දී මෙම අපරාධය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ (05) දින පස්වරුවේ එම ඩිපෝවේ ධාවනය කළ බස් රථවල ආදායම බැංකු ගත කිරීම සඳහා අල්මාරියේ තබා තිබූ මුදල් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25