මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බවයි ඇය සඳහන් කළේ.
මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ මිලියන 40ක පමණ මුදලක් පමණක් වන අතර මැතිවරණයට අදාළව රුපියල් කෝටි හැත්තෑවකට වැඩි වටිනාකමකින් යුත් මුද්‍රණ කටයුතු දැනට කර අවසන් බව ද රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා.
මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නම් තවත් දින 20ත් 25ත් අතර කාලයක් තුල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බවයි ඇය කියාසිටියේ.
මැතිවරණයට අදාළව ගැසට් පත්‍රිකා මුද්‍රණය කිරීමේ සිට කටයුතු සිදු කර ඇති අතර ඒ වෙනුවෙන් දැනට රුපියල් මිලියන 200කට වැඩි වියදමක් සිදුව ඇති බවයි ඇය කියාසිටියේ.
මෙම සම්පූර්ණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 400කට වැඩි මුදලක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව ද මුද්‍රණාලයාධිපතිනිය කියාසිටියා.
එමෙන්ම මුද්‍රණ කටයුතු වෙනුවෙන් මෙතෙක් ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ඉල්ලා සිටිය ද එය ද ලැබී නොමැති බව ඇය පෙන්වා දෙනවා.
මීට පෙර වසරවලදී මැතිවරණයකට අදාළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් නිලධාරීන් 60කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂාව වෙනුවෙන් ලැබුණ ද මෙතෙක් පැමිණ ඇත්තේ පොලිස් නිලධාරීන් 3 දෙනෙකු පමණක් බව ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.














HEMA RAJYA NILADHARIYEK MA HEMA PATHTHENMA THAMA RAJAKARIYA NISI LESA KARAGENA YANNA BERI WENA LESA KELINMA HO WAKRAWA HIRA KARALA. MEHEMA KARANNA IHALAMA BALAPEMAK NATHUWA BAHE. ME MINISSUNTA BENALA WEDAK NAHE. MEYALATA NADU DAMMOTH MEYALA WENUWEN KATHA KARANNA BERA GANNA EKEK NAHE. EKA MEETA KALINUTH UNA. ME BALU ANDUWA ELECTION EKE KISI WEDAK NOKARANA THANATA, NOKERENA THANATA WAGEMA KARANNA BERI WENA THANATA KRAMK KRAMAYEN GENAWA EKA EKA ANA PANATH NEETHI KADIMUDIYE DALA. DAN ELECTION DUTY OFFICERS LA UNATH ENNA ADHI MADHI KARANAWA, EYI EDATA ADHALA DEEMANA GEWANA EKAK NAHE KIYALA EYALA BHAYA WENAWA.