මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම – ජනපති

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනය වූ ඊයේ (03) දින සමුළුව අමතමින්.

“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී නීති පද්ධතියේ කාර්යභාරය සහ ව්‍යාපාරික ස්ථාවරත්වය” යන තේමාව යටතේ ඊයේ දින සමුළුව පැවැත්වුණු අතර එය අදින් (04) අවසන් වනවා.

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගතවීමේ අවධානමක් ඇති බවයි.

එසේම එමගින් රටේ ආර්ථික සංවර්ධනයට එල්ලවන බලපෑම ද ජනාධිපතිවරයා පැහැදිලිකර සිටියා.

ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සඳහා මේ වන විටත් මූලික පියවර ගෙන ඇති බව සිහිපත් කළා.

ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව ද ජනාධිපතිවරයා පැවසුවා.

පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසළකා හරිමින් කටයුතු කිරීම නිසා රට තුළ ගැටලු මතුවු බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42