මුදල් වංචාවක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දිකගෙන් පැය 05කට අධික කාලයක් ප්‍රශ්න කෙරේ

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැය 5කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සමබන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් හෙළිද‍රවු තොරතුරු මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියන වයික්කාලේ පදිංචි රොසාන් සේනානායක සහ කොච්චිකඩේ පදිංචි මොහොමඩ් අලි නමැත්තන් මේ වන විට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ විසින් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ, වංචා කළ මුදලින් ලක්ෂ 15 ක් සම්බන්ධීකරණ නිලධාරියා සහ තැරැව්කරු විසින් රුපියල් 50000 ක් පැමිණිලිකාරියට ගෙවීමෙන් අනතුරුව බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා.

පැමිණිලිකාරිය විමර්ශනයේ දී ලබා දී ඇති තොරතුරු අනුව මොහොමඩ් නමැත්තා විසින් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යා හැකි බව පවසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හඳුන්වාදීම සිදු කර ඇති බව සඳහන්.

ඉන්පසු පැමිණිලිකාරිය විසින් සම්බන්ධීකරණ ලේකම්වරයා ලබා දුන් ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට මෙම වසරේ ජනවාරි මස 05 වැනිදා සහ 22 වැනිදා රුපියල් ලක්ෂ දොළහක් සහ 495000ක මුදලක් තැන්පත් කර ඇති අතර, අතරමැදියා අතට ලක්ෂ දොළහක මුදලක් ලබා දී ඇති බව විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.

අමාත්‍යවරයා විදේශගත වන දිනයේ දී ඔහු සමග ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටුපොළට ඇතුළු වන ලෙස මෙම කාන්තාවට උපදෙස් ලබා දී ඇති අතර නියමිත දිනයේ දී මෙම කාන්තාව ඥාතීන් සමග ගුවන්තොටුපොළට පැමිණ සිටියදී තමාගේ පිටුපසින් පැමිණෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව ද සඳහන්.

කෙසේවෙතත්, ලේඛනවල ගැටලුවක් හේතුවෙන් මෙම කාන්තාවට ගුවන්යානය වෙත ගමන්කිරීමට ආගමන විගමන නිලධාරීන් විසින් අවසර ලබා දී නොමැති බව ද විමර්ශනවල දී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

පොරොන්දු වූ පරිදි ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබා නොදුන් නිසා තමාගෙන් ලබාගත් මුදල් ආපසු ගෙවන ලෙස සැකකරුවන්ගෙන් සිදු කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වින්දිත කාන්තාව විසින් මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

සම්බන්ධීකරණ නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී තම ගිණුමට තැන්පත් කළ ලක්ෂ 15ක මුදල තමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බව ඔහු ප්‍රකාශ කර ඇති බව ද පොලීසිය සඳහන් කරනවා.

මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට නියමිතයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වත්මන් රජය යටතේ කටයුතු කළේ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ධුරයෙහියි.

නමුත් ඉදිරි ජනාධිපතිවරණය තකා ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ තමා ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හැකි නම් එක්ව කටයුතු කරන ලෙසත්, අත්දෙක එකතු කර තමා එම ඉල්ලීම සිදු කරන ලෙසත් ඔහු එහිදී සඳහන් කළා.

අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මෙහිදී තවදුරටත් පවසා සිටියේ, ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ වන විට ගොඩනැඟී ඇති අශුද්ධ සංවිධානය විරුද්ධව එය පරාජයට පත් කළ හැකි ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කරන බවයි.

පසුදින ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙන මැති ඇමතිවරුන් විසින් පිහිටුවා ගනු ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළි දැක්වීමේ උත්සවයට සම්බන්ධ වී ඇති බව ද දක්නට ලැබුණා.

එවන් දේශපාලනික වාතාවරණයකදියි අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මුදල් වංචා චෝදනාවක් ගොනුව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55