මැතිවරණයට මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යංශය දැනුම්දෙයි

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මැතිවරණයට මුදල් ලබාදීමට නොහැකි බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (17) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා සිදුකළ සාකච්ඡාවේ දී යි මේ බව ප්‍රකාශ වී ඇත්තේ.

පසුගියදා නිකුත් කෙරුණු චක්‍රලේඛයක් සමගින් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට හැකියාව තිබුණද මැතිවරණ කටයුතු එම චක්‍රලේඛය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

එසේ වුවද අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන ආයතන වෙත මුදල් නිකුත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබාගත යුතු බවයි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට නොහැකි බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ජාතික මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත්තේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දැමූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළා.

පෙබරවාරි 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දමා ඇති බවයි කොමිසම කියාසිටියේ.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ නව දිනයන් පසුව ප්‍රකාශයට පත් කරන බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලය වෙතින් තැපැල් ඡන්ද පත්‍රිකා නොලැබීම හේතුවෙන් මෙලෙස තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ හෙළිකර ඇත්තේ තම ආයතනයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ප්‍රමාණවත් මුදල් ලබාදී නොමැති නිසා එය මුද්‍රණය කිරීමට නොහැකි වී ඇති බවයි.

  1. MAHAJANA BADHU SALLI WALIN PADI GANNA MAHAJANA SEWAYATA KEPAWENA BAWA DIVURUM DUNNA ME SAKKILI WEDA KARANNE MAHAJANA MATHAYAK NATHI NEETHI WIRODHEE HARA JANADHIPATHI KENEK AHA NEETHI WIRODHEE AMATHI MANDALAYA MANTHREE MANDALAYA KIYANA LESAYI. MUN OKKOMA NAM KARALA CIVIL AYITHIWASIKAM KADA WEEEME NADUWAK IHALA USAWIYE FILE KARANNAMA ONA. DURDANTHA PALAKAYO KAWADAWATH OWA DENNE NAHE, MINISSU SATAN KARALA BALEN LABA GATHTHOTH MISAK. APITA AYITHI DEWAL HORA HATHTHA KATA BHUKTHI WINDHINNA DENNA BAHE. EKA API UDURA GANNAMA ONA. EKA APE AYITHIYAK



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14