මීගොඩ දන්සැල් අනතුරින් මියගිය 06 අතර පාසල් දැරියකුත් – අත්අඩංගුවට ගැනුණු රියදුරු බීමතින් බව හෙළිවෙයි

මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේ දී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරකට ලක්කර පලාගොස් තිබුණා.

ඊයේ (31) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුකළ බව කියන සැකකාර රියදුරා ගොඩගම හන්දියේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 35 ත් 38 ත් අතර වයස්වල පසු වූ හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 15 ත් 56 ත් අතර වයස්වල පසු වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බිමත්ව සිටි බවට තහවුරු වී තිබෙනවා.

තුවාලකරුවන් 07 දෙනෙකු හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42