මීගහකිවුල ප්‍රදේශයේ නායයෑමක් යළිත් සක්‍රිය වෙයි

මීගහකිවුල, මොරහෙල, බෝගහපතන ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වනවා.

පැවති අවදානම් තත්ත්වයත් සමඟ සුරක්ෂිත මධ්‍යස්ථාන කරා මෙම ප්‍රදේශයේ ජනතාව යොමුකර ඇති අතර එලෙස සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත නොපැමිණි පවුල් කිහිපයක් මෙහි රැඳී සිට ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම නායයෑමෙන් කිසිඳු ජිවිත හානියක් සිදුව නැහැ.