මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන බුද්ධි තොරතුරු ලැබුනේ නැහැ – ඇමති නලින්ද (වීඩියෝ)

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ඊට පෙර කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අද (07) පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ආයතන කිහිපයක් මඟින් පරීක්ෂණ රැසක් ආරම්භ වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් කුමාර හේමන්ත ද එක්ව සිටියා.

එහිදී මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම සිදුවීම පිළිබදව බුද්ධි තොරතුරු ලැබී තිබුණේ යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එවැනි සිදුවීම් පිළිබදව වාර්තා ලැබෙන බවත්, රැඳවියන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති නොවන ලෙස අවශ්‍ය පිළියම් යොදා තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted