මිහිදන් කළ තරුණියගේ මෘත දේහය ගොඩගෙන නිරුවත් කරලා – බණ්ඩාරවෙල පොලිසියට පැමිණිල්ලක් (වීඩියෝ)

නිව්මෝනියා රෝගී තත්ත්වයෙන් පසුගිය දා ජීවිතක්ෂයට පත් වූ තරුණියකගේ භූමදාන කළ මළ සිරුර කිසියම් පිරිසක් විසින් හොර රහසේ වළෙන් ගොඩගත් පුවතක් බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ගොඩගෙන ඇත්තේ බණ්ඩාරවෙල, බදුලුගස්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිට අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ රශ්මිකා නදීශානී නැමැති 25 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක්.

මෙම තරුණියගේ අවසන් කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා (04) පස්වරුවේ බදුලුගස්තැන්න පොදු සුසානභූමියේ දී සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

තරුණියගේ හත් දවසේ දානමය පිංකම හෙට (08) දිනට දී ඇති අතර, ඊට පෙර ඇයගේ පියා විසින් සොහොන පරීක්ෂා කිරීමට සඳහා අද (07) උදෑසන එහි ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී සිරුර මිහිදන් කළ වළෙන් ගොඩගෙන එය නිරුවත් කර තිබූ ආකාරයයි දැකගැනීමටයි හැකිව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට තරුණියගේ පවුලේ ඥාතීන් කටයුතු කර ඇති අතර, බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ.