මිල වැඩි වුණා කිව්වට හරියටම වැඩි වුණ ගාන දන්නවා ද ?

බොහෝ දෙනා බඩු මිල වැඩී බඩු මිල වැඩී කිය කියා පුන පුනා කියූවත් ඇත්තටම කොච්චර මුදලකින් බඩු මිල වැඩිවෙලා ද කියලා හරියටම දන්නව ද ?
මේ සටහන ලියවෙන්නේ අන්න ඒ කාරණාව ගැන ඔබට පැහැදිලි කරන්න.
ලංකාව මේ වන විට උද්ධමනයෙන් ලෝකයෙන්ම තුන්වන තැන රැදිලා ඉන්න රට.ඒ වගේම අපේ උද්ධමන වේගය 119% වෙනවා.

ඉතින් මේ උද්ධමන වේගයත් එක්ක බඩු මිල වැඩි වුන්නේ මෙන්න මේ විදිහට,

පරිප්පු – ජනවාරි 01 වෙනිදා මිල රු.275 යි
අද මිල රුපියල්.580 යි
මිල වැඩිවීම 305 යි (111%)

ගෑස් – ජනවාරි 01 වෙනිදා මිල රු.2750 යි
අද මිල රුපියල්.4860 යි
මිල වැඩිවීම 2110 යි (77%)

ඔක්ටේන් 92 පෙට්‍රල් – ජනවාරි 01 වෙනිදා මිල රු.177 යි
අද මිල රුපියල්.338 යි
මිල වැඩිවීම 161 යි (91%)

ඔටෝ ඩීසල් – ජනවාරි 01 වෙනිදා මිල රු.121 යි
අද මිල රුපියල්. 289 යි
මිල වැඩිවීම 168 යි (139%)

සම්බා හාල් – ජනවාරි 01 වෙනිදා මිල රු.153 යි
අද මිල රුපියල්. 240 යි
මිල වැඩිවීම 87 යි (57%)

කිරිපිටි 400 ග්‍රෑම් – ජනවාරි 01 වෙනිදා මිල රු.480 යි
අද මිල රුපියල්. 790 යි
මිල වැඩිවීම 310 යි (65%)

පාන් – ජනවාරි 01 වෙනිදා මිල රු.77 යි
අද මිල රුපියල්. 160 යි
මිල වැඩිවීම 83 යි (108%)

සිමෙන්ති – ජනවාරි 01 වෙනිදා මිල රු. 1275 යි
අද මිල රුපියල්. 2850 යි
මිල වැඩිවීම 1575 යි (123%)

සීනි – ජනවාරි 01 වෙනිදා මිල රු.147 යි
අද මිල රුපියල්. 260 යි
මිල වැඩිවීම 113 යි (77%)

සරලව හිතා බැලුවොත් ජනවාරී මාසයේ ජීවත් වෙන්න රුපියල් දස දහසක් ඕනේ වුණා නම් මේ වෙද්දි මාසයක් ජීවත් වෙන්න අපිට රුපියල් විසිපන්දහසකට වඩා ඕනේ වෙනවා.සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්.මොකද අපි මේ කියන ගාණ උදේ වෙනකොට වෙනස් වෙනවා නේ.ඒ නිසා ලංකාවේ ජීවත් වෙන්න මෙච්චර වියදම කියලා එක වරම කියන්න ටිකක් අමාරුයි කිව්වත් වැරදි නැහැ…

මේ ජීවන වියදමේ ලොකුම බලපෑම මාස් පඩි කාරයන්ට ඉදිරියේදී තදින් දැනේවී.මොකද එයාලගේ පඩිය ජනවාරී මාසේත් එක ම ගානක් මේ අප්‍රේල් මාසේත් ඒ ගානමයි.ඒ විතරක් නෙමෙයි ඉස්සරහටත් ඉතින් ඔය ගානම තමයි ඒ අයට ලැබෙන්නේ.ඒ නිසා දවස් කුලිය සහ තමාගේ වටිනාකම තමන් තීරණය කරන අයට වඩා මාස් පඩියක් ලැබෙන අයට නම් අනාගතය ගොඩක් දරුණු වෙනවාමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11