මිල වැඩි කළත් ලාෆ්ස් ගෑස් හිඟවීමට හේතුව හෙළිවේ

යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පවතින බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

පසුගියදා ගෑස් මිල ඉහළ දැමීමෙන් පසුව ලාෆ් ගෑස් වෙළඳපොලේ යලි හිඟ වීමේ අර්බුදයක් පවතින බවට පාරිභෝගිකයන් නගන චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තී අංශය එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටියගෙන් කළ විමසීමකදීයී, ඔහු මේ බව සඳහන් කලේ.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය හා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට ගෑස් මිලද ඉහළ නැංවිය යුතු බවයි.

කෙසේ වෙතත්, පවතින ගෑස් හිඟයට හේතුව වාණිජ බැංකු වලින් ගෑස් තොග ලබා ගැනීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීමේ ගැටලුව බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට තුල සියයට 20ක් පමණ පාරිභෝගිකයන් පිරිසක් ලාෆ් ගෑස් භාවිතා කරනවා. පසුගිය මස මුලදීද වෙළඳපොළේ එම ගෑස්වල හිඟයත් නිර්මාණය වු අතර අර්බුදය පාලනය කිරීම සඳහා ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගමට අවසර ලබාදීමටයි රජය කටයුතු කළේ. ඒ අනුව එම වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 363කින් සහ  කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් මිල වැඩි කරනු ලැබූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56