මිලියන 130ක කේරළ ගංජා සමග ඉන්දීය ජාතිකයන් අත්අඩංගුවට

පුත්තලම කුදිර‍මලේ තුඩුවට බටහිර දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී උර 09 ක අසුරන ලද තෙත බර සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 434ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් 05 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා .

පුත්තලම කුදිර‍මලේ තුඩුවට බටහිර දෙසින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ඩව් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී උර 09 ක තිබී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

තවද, එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර මෙරට ධීවර යාත්‍රාවක් ද නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 130 ක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන බව නාවික හමුදාව පවසනවා

අත්අඩංගුවට ගත් ඉන්දීය හා මෙරට සැකකරුවන්, යාත්‍රා සහ කේරළ ගංජා තොගය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි