මිලියන ගණනින් මව්බිමට මුදල් උපයා දුන් යුද භට පිරිස් මෙරටට

මව්බිමට රුපියල් මිලියන 14524ක් උපයා දුන් මාලි මෙහෙයුම අවසන් කර යුද්ධ හමුදා භට පිරිස් යළි දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අවසන් කිරීමත් සමග සාම සාධක රාජකාරි සඳහා මාලි රාජ්‍යයට යොදවා සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් යළි මෙරටට පැමිණ තිබෙනවා.

එලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 1099ක් සහ මාණ්ඩලික නිලධාරීන් 14ක ප්‍රමාණයක් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා යොදවා තිබූ අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට (24) දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල යෙදවීම තුළින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 14,524ක මුදලක් ඉපයීමට හැකියාව ලැබුණු බව ද වාර්තා වනවා.

එක්සත් ජාතීන්⁣ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ක්‍රියාත්මක වූ මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාව ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා සිටියා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සිදු කරන අතරතුර දී ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතාන් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.එස්. විජේකුමාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය කැරලිකරුවන් විසින් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ කණ්ඩය ඉලක්ක කරමින් වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍යය ඇටවුම් පුපුරුවා හැරීම නිසා ඔවුන්ට සිය ජීවිත පුද දීමට සිදු වීම ද සංවේගයෙන් යුතුව මතක් කළ යුත්තක්.

යුද්ධ හමුදා නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසු නිලයින් 29 දෙනෙකු ⁣මාලි රාජ්‍යයේ දී තුවාල ලැබුවා.

මාලි රාජ්‍යයේ මෙහෙයුම් අවසන් කිරීම සනිටුහන් කරමින් සාම සාධක බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ කර්නල් පින්සර වික්‍රමාඅරච්චි විසින් ස්වේච්චා බලසේනාවේ සේනා විධායක මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර වෙත එක්සත් ජාතීන්ගේ ධජය භාරදීම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ දී සිදු කෙරුණු බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23
Video thumbnail
පෞද්ගලික ගබඩාවකින් කොටුවූ පොහොර ගැන නලින්ද හෙළිකරයි - පුද්ගලයන් 9ක් අත්අඩංගුවට ගත්තා
01:30
Video thumbnail
මිනිස්සු හාමතේ මැ#නකොට අපිට බලාගෙන ඉන්න බැරිවුණා
09:08
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ හෝමාගම ගින්නේ නොදුටු දර්ශන පෙළක් - ආරක්ෂක අංශත් ඇවිත්
03:50
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10