spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මිය ගිය බිරිඳගේ නිසල දේහය කරමතින් ආදාහනයට රැගෙන ගිය සැමියා

මිය ගිය බිරිඳගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාමට ගිලන් රථයක් ලබා ගැනීමට නොහැකිව බිරිඳගේ දේහය කරමතින් රැගෙන ගිය පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් තොරතුරු වාර්තා වනවා.

චාමරාජනගර් දිස්ත්‍රික්කයේ යෙලන්දූර් ප්‍රදේශයේ පදිංචිව සිටි ‘රවී’ නැමැති පුද්ගලයෙකු විසින් මෙලෙස 26 හැවිරිදි සිය බිරිඳගේ නිසල දේහය සිය කරමතින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අසනීපය තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටිය දී අදාළ කාන්තාව පසුගිය අඟහරුවාදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාමට ගිලන් රථයක් ලබා ගැනීමට නොමැතිවීම හේතුවෙන් සැමියා විසින් එම දේහය මෙලෙස රැගෙන යාමටයි තීරණය කර ඇත්තේ.

‘රවී’ නැමැති මෙම පුද්ගලයා බිරිඳගේ දේහය පොලිතින් උරයකින් ඔතා කරමතින් රැගෙන් යමින් සිටිය දී එය දැක ඇති අවට මිනිසුන් මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇත්තේ යම් අපරාධයක් සිදුව ඇති බවට සැකයක් මතුවීම හේතුවෙන්.

ඒ,අනුව පොලිසිය විසින් අතර මඟදී අදාළ පුද්ගලයා නවතා ඔහුගෙන් ප්‍රශ්න කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් සහ බිරිඳ යෙලන්දූර් ප්‍රදේශයේ කූඩාරමක ජීවත් වූ බවත්, තමන් සහ බිරිඳ කුණු එකතුකර මුදල් උපයාගෙන ජීවත් වූ බවයි.

බිරිඳගේ මියගිය පසු ඇයගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාමට ගිලන් රථයක් ලබාගැනීමට මුදල් නොමැතිවීම නිසා තමන් මෙම තීරණය ගත් බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?