මිය ගිය බිරිඳගේ නිසල දේහය කරමතින් ආදාහනයට රැගෙන ගිය සැමියා

මිය ගිය බිරිඳගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාමට ගිලන් රථයක් ලබා ගැනීමට නොහැකිව බිරිඳගේ දේහය කරමතින් රැගෙන ගිය පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් තොරතුරු වාර්තා වනවා.

චාමරාජනගර් දිස්ත්‍රික්කයේ යෙලන්දූර් ප්‍රදේශයේ පදිංචිව සිටි ‘රවී’ නැමැති පුද්ගලයෙකු විසින් මෙලෙස 26 හැවිරිදි සිය බිරිඳගේ නිසල දේහය සිය කරමතින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අසනීපය තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටිය දී අදාළ කාන්තාව පසුගිය අඟහරුවාදා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාමට ගිලන් රථයක් ලබා ගැනීමට නොමැතිවීම හේතුවෙන් සැමියා විසින් එම දේහය මෙලෙස රැගෙන යාමටයි තීරණය කර ඇත්තේ.

‘රවී’ නැමැති මෙම පුද්ගලයා බිරිඳගේ දේහය පොලිතින් උරයකින් ඔතා කරමතින් රැගෙන් යමින් සිටිය දී එය දැක ඇති අවට මිනිසුන් මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇත්තේ යම් අපරාධයක් සිදුව ඇති බවට සැකයක් මතුවීම හේතුවෙන්.

ඒ,අනුව පොලිසිය විසින් අතර මඟදී අදාළ පුද්ගලයා නවතා ඔහුගෙන් ප්‍රශ්න කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් සහ බිරිඳ යෙලන්දූර් ප්‍රදේශයේ කූඩාරමක ජීවත් වූ බවත්, තමන් සහ බිරිඳ කුණු එකතුකර මුදල් උපයාගෙන ජීවත් වූ බවයි.

බිරිඳගේ මියගිය පසු ඇයගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාමට ගිලන් රථයක් ලබාගැනීමට මුදල් නොමැතිවීම නිසා තමන් මෙම තීරණය ගත් බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25
Video thumbnail
දිවි අහිමිවූ පසිඳුට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායකත් එයි - සංවේදී වූ සජිත්
01:22
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58