මියගිය පෙන්ගුයින් සිරුරු දහස් ගණනක් උරුගුවේ වෙරළ තීරයේ

පසුගිය දින 10 තුළ අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව නැගෙනහිර උරුගුවේ වෙරළ තීරයේ මියගොස් සිටි පෙන්ගුයින් සත්වයින්ගේ සිරුරු 2,000ක් පමණ හමුවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පෙන්ගුයින් මරණවලට හේතුව කුරුළු උණ ලෙස නොපෙනෙන අතර නිශ්චිත හේතුව තවමත් අභිරහසක් බවයි බලධාරීන් පවසන්නේ.

මැගෙලානික් වර්ගයේ පෙන්ගුයින් කුඩා සතුන් වැඩි වශයෙන් මිය ගොස් ඇති අතර, දියවල්වලට හසුවීම මගින් එම සිරුරු උරුගුවේ වෙරළට පැමිණ ඇති බව එරට පරිසර අමාත්‍යාංශයේ සත්ත්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කාමන් ලීසාගොයින් ප්‍රකාශ කළා.

මැගලනික් පෙන්ගුයින් දකුණු ආර්ජන්ටිනාවේ සිය කැදලි තැනීම සිදු කරන අතර දකුණු අර්ධගෝලයේ ශීත ඍතුවේ දී, ඔවුන් ආහාර සහ උණුසුම් ජලය සොයා උතුරු දෙසට සංක්‍රමණය වීම සිදු කරනු ලබනවා .

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඔවුන් බ්‍රසීලයේ Espirito Santo ප්රාන්තයේ වෙරළ තීරයට පවා ළඟා වන බවයි.

සත්වයින්ගෙන් ඇතැම් පිරිසක් මිය යාම සාමාන්‍ය දෙයක් වුව ද එය මෙතරම් විශාල ප්‍රමාණයක් නොවන බවයි කාමන් ලීසාගොයින් සඳහන් කළේ.

Laguna de Rocha ආරක්ෂිත ප්‍රදේශයේ අධ්‍යක්ෂ Hector Caymaris AFP වෙත පැවසුවේ අත්ලාන්තික් වෙරළ තීරයේ සැතපුම් හයක් දිගේ මිය ගිය පෙන්ගුයින් 500කට වඩා ගණන් කළ බවයි.

මැගලනික් පෙන්ගුයින් මරණ වැඩිවීමට හේතුව අධික ලෙස මසුන් ඇල්ලීම සහ නීතිවිරෝධී මසුන් ඇල්ලීම හේතු වී ඇති බව පාරිසරික උපදේශකයන් සඳහන් කරනවා.

එමෙන්ම ජූලි මැද භාගයේදී ගිනිකොනදිග බ්‍රසීලයට බලපෑ අත්ලාන්තික් සාගරයේ උපනිවර්තන සුළි කුණාටුවත් අයහපත් කාලගුණයෙන් දුර්වලම සතුන් මිය යාමට හේතු විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පෙන්ගුවින් සත්වයන්ට අමතරව, මොන්ටෙවීඩියෝ අගනුවරට නැගෙනහිරින් පිහිටි මැල්ඩොනාඩෝ වෙරළ තීරයේ මිය ගිය ඇල්බට්‍රොස්, සීගල්, මුහුදු කැස්බෑවන් සහ මුහුදු සිංහයන් ද මෑතකදී හමුවී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01