මියගියත් පවුල හැරදා නොගිය රවීනා

හොල්මන් ඇත්තක් ද? යන්න තීරණය කොහොම උනත්, හොල්මන් ඇති බවට මේ තවත් එක් හෙළිදරව්වකි.

( නම්,ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න.)

රවීනා කියන්නේ පාසල් වයසේ පසු වන ඉගෙනීමට ද මහත් දක්ෂතා ඇති සුන්දර දැරියකි.ඇය ගමේ ග්‍රාමසේවක මහතාගේ එක ම දියණිය විය. ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත් වන ඇය ගමේ පුංචි පාසලට සමු දී නගරයේ පාසලට යන්නේ වැඩි දුර අධ්‍යාපනය හැදෑරීමට ය.

ගමෙහි සිට නගරයට ගමන දුර වුනත් රවීනාගේ දෙමව්පියන්ගේ අකැමැත්ත නිසා ඇය නේවාසිකව නොසිට දිනපතා පාසලෙන් නිවසට පැමිණීම සිදු කරා. අවුරුදු දෙකක් පමණ ඇය නගර පාසලේ අධ්‍යාපන ලබමින් සිටියා. නගරයේ සිට ගම ට එන බසය අල්ලා ගන්නට ඇය පාසල නිමා වූ විගස බස් නැවතුම්පොළ වෙත දිව එන රවීනාගේ, එදින ජීවිතයේ එක් අඳුරු මධ්‍යහනක් විය.

එදින පාසලේ අවසන් කාලච්ඡේදයේ රැස්වීමක් තිබූ හෙයින් පාසල අවසන්වීම ට ප්‍රමාද විය. අවසන් වූ මොහොතේ ම රවීනා හැකි වේගයෙන් නැවතුම්පොළට දිව එන්නට විය. ඒ වෙද්දිත් බසය හිමින් හිමින් ඉදිරිය ට ඇදෙමින් තිබුණි.හිතට ඇති වූ චකිතයත් සමඟ රවීනා හරියට දෙපැත්ත නොබලා කලබලයෙන් පාර මාරු විය.

නමුත් වේගයෙන් ඇදි ආ ත්‍රීරෝද රථයක හැපුනු රවීනා විසි වී ගොස් බිම පතිත විය. ත්‍රීරෝද රථ රියදුරු විසින් ම හිසෙන් අධිකව ලේ ගලමින් සිටි රවීනාව රෝහල වෙත ගෙන ගියත් ඒ වෙද්දිත් ඇය මෙලොව හැර ගොස් සිටියා ය.


ඇගේ වියෝවෙන් පසුව මාස පහක් පමණ ගත වුනි.දෙමව්පියන් ට හැරුනු කොට රවීනාගේ මතකය කාගේ කාගෙත් හිතින් මැකි යන්න විය.නමුත්, නොසිතූ වෙලාවක අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගන්නට සිදු වූ රවීනා තම ප්‍රියයන් දමා යන්න ට නොකැමැත්තෙන් වාගේ හොල්මන් කරන්න ට විය.

එය මෙලෙස විය.. සමහර දින වල රාත්‍රියේ නගරය කාත් කවුරුත් නොමැතිව නිහඬ වූ විට පාසල් ඇඳුමින් සැරසුණු යුවතියක් හයර් යන ත්‍රීරෝද රථයන් නවත්වා නිවසට ගෙන යන ලෙස පවසයි. මෙතරම් ප්‍රමාදව තනියම කොහේ ගියා’ දැයි ඇසූ විට පාසලේ රැස්වීමක් නිසා ප්‍රමාද වු බව පවසා නිහඬ වන ඇය, නිවසට යනතෙක් පාර පවසමින් රථය නිවස ඉදිරිපස නැවත්වූ විට සල්ලි රැගෙන එන බව පවසා රථයෙන් බැස නිවස දෙස ට යන බවත් බොහෝ වේලාවක් යන තුරු නිවසින් කිසිවෙක් එලියට නොපැමිණෙන නිසා නිවසේ දොරට තට්ටු කර බලන බවත් සිද්ධියට මුහුණ පෑ බොහෝ දෙනෙක් පවසයි.

එවිට නිවසෙන් එලියට එන මිය ගිය රවීනාගේ මව හෝ පියා ඒ තම දියණිය බවත් ඇය මීට මාස කීපකට කලින් අනතුරකින් මිය ගිය සිද්ධියත් විස්තර කරන බව පවසයි. ඒ කොහොම වුනත් ඒ අවස්ථාවට මුහුණ දුන් බොහෝ දෙනෙක් එතනින් පිට වෙන්නේ හීන් දාඩිය දමා ගෙන ය.

මුලින් පැවසූ ලෙසම සත්‍ය පුද්ගලයන්ගේ නම් ගම් වෙනස් කර ඇති අතර මෙම සටහන ඔබේ විමසුමට මෙහි සටහන් කර තැබෙනු ඇත.විශ්වාසයන් අවිශ්වාසයන් පිළිබද අප වග වීමට උත්සාහ නොකරන අතර අප මේ සටහන තබන්නේ මේ කොදෙව්වේ ඉසව්වක මෙසේ ද සිදු වූ බව ඔබේ දැනගැනීම පිනිස ලියා තබන්නට පමනකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01