මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ව්‍යාපාරකයින් 2102කට නඩු

ගෙවී ගිය සති කිහිපය තුළ දිවයින පුරා සිදුකරන ලද පරීක්ෂා කිරීම්වලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ව්‍යාපාරකයින් 2102කට එරෙහිව ඒ ඒ ප්‍රදේශවල අධිකරණයන් හමුවේ නඩු පැවරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව උත්සව සමයේ මිනිස් පරිභෝජනය සඳහා ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහන පසුගිය මාර්තු මාසයේ 02 වන සතියේ සිට දිවයින පුරා ආරම්භ කළ බවයි සභාපතිවරයා වැඩිදුටත් සඳහන් කළේ.

මෙම මෙහෙයුම් කටයුතු අප්‍රේල් මස අවසානය වනතෙක් සිදුකරන බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා,

“මේ අවස්ථාවේ දී පාරිභෝගිකයින්ට අප කියා සිටින්නේ තමන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට පෙර එම ව්‍යාපාරික ස්ථානයේ පිරිසිදුකම සම්බන්ධයෙන් සොයා බලන්න. ඒ වගේම ඔබ මිලදී ගන්නා සෑම ආහාර ද්‍රව්‍යකම නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය මෙන්ම අඩංගු ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද සැළකිලිමත් වන ලෙසයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57